එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදු විය.
ලෝක රාජ්‍ය සමුළුව – 2025ට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කළ ජනාධිපතිවරයාගේ තෙදින නිල සංචාරයට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් කෙරිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති මොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති විජිත හේරත් මහතා විසින් සිදු කරන ලදි.
මෙම ද්විපාර්ශ්වික ගිවිසුම මඟින් ගෝලීය වෙළෙඳපොළ ආයෝජන අවස්ථා පුළුල් කිරීම හා විදේශයන්හි ආයෝජන ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි.
ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නාවූ ද ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නාවූ ද පුළුල් ආයෝජන ආරක්ෂණ, ආරවුල් විසඳීමේ යන්ත්‍රණ සහ ප්‍රතිපත්ති රාමු සම්පාදනයෙන් දෙරට අතර විදේශ ආයෝජන දිරිමත් කිරීමට පහසුකම් සැලසීම මෙම ගිවිසුමෙහි අරමුණයි. මෙම ගිවිසුම ගෝලීය ආර්ථික හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට පහසුකම් සලසනු ඇත.
ද්විපාර්ශ්වික ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි වන වැදගත්කම මෙයින් අවධාරණය කෙරේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටෙහි කැපවීම මෙමඟින් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාව තුළ වෙෙළඳ හා ව්‍යාපාර ව්‍යාප්තිය දිරිමත් කරන අතරම විනිවිද පෙනෙන සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම මෙයින් අපේක්ෂා කෙරේ. විදේශ සෘජු ආයෝජන (FDI) වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද මෙම ගිවිසුමෙන් අවධාරණය කෙරේ.
එසේම මෙම ගිවිසුම ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය කිරීමටත් එනයින් ආර්ථික ප්‍රගතියට හේතු වන නව ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීමටත් හේතු වනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සබඳතාව ශක්තිමත් කරමින් තිරසර ආයෝජන සඳහා සහාය වීමටත් දෙරට අතර වෙෙළඳ හා මූල්‍ය හවුල්කාරීත්වයන් වැඩදියුණු කිරීමටත් මෙය ඉවහල් වනු ඇත.
උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ