Home » පොහොර සහනාධාරය ගන්නා වී ගොවීන් අස්වැන්නෙන් කොටසක් රජයේ ගබඩාවලට දිය යුතුයි

පොහොර සහනාධාරය ගන්නා වී ගොවීන් අස්වැන්නෙන් කොටසක් රජයේ ගබඩාවලට දිය යුතුයි

-කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

by sachintha
February 14, 2025 3:31 am 0 comment

රජයේ පොහොර සහනාධාරය ගන්නා ගොවීන් තම වී අස්වැන්නෙන් කොටසක් රජයේ වී ගබඩාවලට දිය යුතු බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. පොහොර, ජලය ගොවීන් ගන්නේ මහජන මුදල්වලින් බවත්, එබැවින් ඔවුන් තම වී අස්වනුවලින් යම් කෝටාවක් රජයට දීම කළයුතු බවත් ඒ සඳහා නව නීති සකස් කරන ලෙස යෝජනා ඉදිරිපත්වී ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

මෙම පහසුකම් රජයෙන් ගන්නා ගොවීන් ඒ තුළින් තම අස්වනු සරුකර ගෙන වී අස්වනු මහමෝල්කරුවන්ට ලබාදීම සිදු කරන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

වී මිල දී ගැනීම් කටයුතු සඳහා රජයේ සියලු වී ගබඩා විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ. මේ වන විට ඇතැම් ගොවීන් විසින් සිය අස්වනු නියැදි පරීක්ෂාවට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත දී තිබුණ ද ඊ‍යේ(13) වන විටද වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී ලබාදී නොමැත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT