110
ජාත්‍යන්තර වෙසක් සැමරුම මෙවර වියට්නාමයේදී පැවැත් වීමට නියමිතව තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් වියට්නාම තානාපති ට්‍රින් තයි ටැම් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර ඊයේ (13) අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙවර වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සැමරුම පිළිබඳව සහ අමාත්‍යවරයා විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ ඇති ‘Dang Thuy Tram’ සුප්‍රකට දින පොත ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එකී පරිවර්තන කටයුත්ත පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු වියට්නාම තානාපතිනිය තමා දැනුම්වත් කර ඇති බවද එතුමිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.
නෙරංජලා වික්‍රමසිංහ