Home » නාලන්දා 88 කණ්ඩායමෙන් උසස් පෙළ සිසුන්ට ගණකයන්ත්‍ර

නාලන්දා 88 කණ්ඩායමෙන් උසස් පෙළ සිසුන්ට ගණකයන්ත්‍ර

by sachintha
February 14, 2025 1:38 am 0 comment

කොළඹ නාලන්දා විද්‍යාලයීය 88 කණ්ඩායම මඟින් 2023දී නාලන්දා විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන්ට විද්‍යාත්මක ගණකයන්ත්‍ර 54ක් පිරිනැමීම පසුගිය 11 වැනිදා විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය මලලසේකර රඟහලේදී සිදු විය. එහිදී නියෝජ්‍ය විදුහල්පති පී. අජිත් වික්‍රම මහතා විසින් සරසවි වරම් ලැබූ සිසුවකුට තිළිණ ප්‍රදානය කළ අයුරු. නාලන්දා 88 කණ්ඩායමේ හිටපු සභාපති මෙන්ම මේ ව්‍යාපෘතියේ සභාපති සංජය වීරසිංහ හා 88 කණ්ඩායමේ භාණ්ඩාගාරික ගිම්හාන මහකුමාරගේ මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය – වාසිත පටබැදිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT