Home » CO-OP CITY අලෙවිසල්වල CEYFISH අලෙවි කුටි ඇරඹීමට සැලසුම්

CO-OP CITY අලෙවිසල්වල CEYFISH අලෙවි කුටි ඇරඹීමට සැලසුම්

-නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ

by sachintha
February 14, 2025 1:39 am 0 comment

සතොස අලෙවිසල් සහ සමුපකාර දෙපාර්තමේන්තු මඟින් පවත්වාගෙන යන CO-OP CITY අලෙවිසල්වල ලංකා ධීවර සංස්ථාවේ ‘CeyFish’ මසුන් අලෙවි කිරීමේ කුටි ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස කීවේය.

“මේ වසර අවසන් වන විට CeyFish අලෙවිසල් 1000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වැඩපිළිවෙළ මෙරට ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට ගත් ප්‍රධාන ඉදිරි පියවරක්. මෙයින් ජනතාවට අලුත් මාළු මිලදී ගැනීමට අවස්ථාව හිමිවෙනවා.

ලංකා ධීවර සංස්ථාවෙන් රට පුරා මසුන් බෙදාහැරීමේ වැඩසටහන විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.අමාත්‍යාංශය උපදේශක කාරක සභා රැස්වීමේදී ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වෙළෙඳ හා සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ මහත්වරුන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළා.

එම සාකච්ඡාවේදී ඇති වූ එකඟතාවකට අනුව සියලුම සතොස අලෙවිසල් ජාලයේ ලංකා ධීවර සංස්ථාවේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CeyFish අලෙවි කුටියක් ස්ථාපිත කිරීමට යෝජනා වුණා. සමුපකාර දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙනයන CO-OP CITY අලෙවිසල් ජාලය සඳහා ද CeyFish අලෙවි කුටියක් බැගින් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ඒ සඳහා ද හැකි ඉක්මනින් කටයුතු කිරීමට තීරණය වුණා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT