Saturday, May 10, 2025
Home » පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලවල පත්වීම් සුදුසුකම් ඇති අයට මිස ඥාතීන්ට නොවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලවල පත්වීම් සුදුසුකම් ඇති අයට මිස ඥාතීන්ට නොවෙයි

-මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති

by sachintha
February 14, 2025 2:40 am 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වශයෙන් ඥාතීන් සහ හිතවතුන් පත් කිරීමේ සම්ප්‍රදාය වෙනස් කළ බවත් වර්තමානයේ එම පත්වීම් සුදුසුකම්,කැපවීම් හා දක්ෂතාව මත ලබාදීමේ සංස්කෘතියක් නිර්මාණය කළ බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා නාරාහේන්පිට නිල මැඳුරේදී පැවැති වැඩමුළුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ ගිය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වශයෙන් ඥාතීන් සහ හිතවතුන් පත් කිරීමේ සම්ප්‍රදාය වෙනස් කළ බවත් වර්තමානයේ එම පත්වීම් සුදුසුකම්,කැපවීම් හා දක්ෂතාව මත ලබාදීමේ සංස්කෘතියක් නිර්මාණය කළ බවත්ය.

පසුගිය මැතිවරණවලින් නිරූපණය වූ ජනතා අභිලාෂයන් වන දූෂණය පිටුදැකීම, ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පිහිටුවීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම වැනි කාර්යන් ඉටු කිරීම සඳහා වත්මන් රජයට මෙන්ම පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලටද විශාල කාර්යභාරයක් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ ජනතාවත් දේශපාලනඥයාත් යා කරන පාලමක් මෙන් මනා වගකීමකින් යුතුව කටයුතු කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්යමණ්ඩලය සතු බවයි.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ. මෙහිදී පෞද්ගලික කාර්යමණ්ඩල නිලධාරීන්ට සහතිකපත්‍ර ප්‍රදානයක් ද සිදු කෙරිණි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT