දියබෙදුම පොලිසියේ ප්‍රජාපොලිස් ඒකකය විසින් දියබෙදුම පදිංචි 32 හැවිරිදි ආබාධිත කතකට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම පෙරේදා (12) සිදුවිය.
දියබෙදුම ඇලි කිඹුලාවල යාය 509 පදිංචි ඩබ්ලිව්.ජී. නිසංසලා මහත්මිය දෙදරු මවක් වන අතර, ඇයට ඇතිවූ ආබාධිත තත්ත්වයක් නිසා තුනටියෙන් පහළ අප්‍රාණික වී ඇත. ඇයගේ ස්වාමියා ද ස්ථිර රැකියාවක් නොකරන තැනැත්තකු වන අතර ඇයට වයස අවුරුදු තුනක සහ හතක දරුවන් දෙදෙනෙකු ද සිටියි.
මෙම පවුල පත්ව ඇති අසරණභාවය වටහාගත් දිය බෙදුම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීහු ඇයට මෙසේ රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබිණි.
දියබෙදුම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් සේනාරත්න (27838) කොස්තාපල් ප්‍රේමසිරි (74361) යන නිලධාරී මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
මින්නේරිය – සුසිල් කරුණාතිලක