167
ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ පූර්ණ සංවිධානයෙන් ඉංගිරිය 620සී ප්‍රාදේශීය සහජීවන සංගමය විසින් ඉංගිරිය රෝහල ප්‍රතිසංස්කරණය සහ අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කර තිබූ අතර, ඉංගිරිය පුරවරයම නියෝජනය කරමින් අතිවිශාල පිරිසක් ඊට එක්වූහ.
ඒ අනුව ජාතික ඒකාබද්ධතා නිලධාරි අයි.කේ. වසන්ත කුමාර කරුණාරත්න මහතා විසින් මෙහෙයවන ලද මෙම කටයුත්ත සඳහා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය රෝහල් කාර්ය මණ්ඩලය, හොරණ ප්‍රාදේශීය සභාව, ඉංගිරිය පොලිසීය, ව්‍යාපාරික ප්‍රජාවද ඇතුළුව ප්‍රදේශවාසීන් රැසක් එක්වූ අතර, ජැට් හෝල්ඩින් සමාගමෙහි අනුග්‍රහයෙන් වාට්ටුවක තීන්ත ආලේප කිරීමද සිදුවිය.
ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල