334
වයඹ දිශාව භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (13) කුරුණෑගල පිහිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී නව ධුරයේ වැඩ භාර ගත්තේය.
නව ධුරයේ වැඩ භාරගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් උත්තමාචාර පෙළපාළියක් ද පැවැති අතර, කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් මෙම කටයුත්ත සංවිධානය කරනු ලැබ තිබිණි. ප්‍රදේශයේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
කුරුණෑගල – සුනිල් එස්. පැල්ලන්දෙණිය