අරලගංවිල, යාය අට දේවගල ගම්මානයේ තරුණයන් පිරිසක් සහ සමුදුර පාරුව ප්‍රජා සත්කාරක පදනම එක්ව එම ගම්මානයේ ගැබිනි මවුවරුන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිපදෙනකු තෝරා, පෙරේදා (12) ඔවුන්ට තෑගි භෝග ලබාදී, එම පවුල්වල දූ දරුවන්ට මෙන්ම වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාට රාත්‍රී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ සත් ක්‍රියාවක් සිදු කර තිබේ.
දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, යාය අට, ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති බේරුවල ධම්මවිජය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවගල ගම්මානයේ නිවෙසකදී මෙම වැඩසටහන පැවැත්විණි. මීට අමතරව 1974 දී ගම්මානයට පැමිණ අඩු පහසුකම් යටතේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක නිලතල දරමින්, ඉමහත් සේවයක් සිදු කළ වයෝවෘද්ධ යුවළකට තෑගි භෝග ද වකුගඩු රෝගීන් කිහිපදෙනකුට පෝෂ්‍යදායී ආහාර හා තෑගි ලබාදීමට ද මෙම පිරිස කටයුතු කළහ.
සිරිපුර – මදුෂානි අබේසිංහ