Wednesday, March 26, 2025
Home » 13වැනි ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලියේදී කාන්තා ශුරතාවය ගුවන් හමුදාවට

13වැනි ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලියේදී කාන්තා ශුරතාවය ගුවන් හමුදාවට

by chanaka
February 14, 2025 10:51 am 0 comment

ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ සුවිශේෂී ඉසව්වක් වන ගොල්ෆ් තරගාවලිය පෙබරවාරි 11වැනිදා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේදි සාර්ථකව අවසන් විය.

මෙම වසරේ ආරක්ෂක සේවා ගොල්ෆ් කාන්තා ශුරතාවය ගුවන් හමුදා ගොල්ෆ් කණ්ඩායම විසින් දිනා ගත් අතර ගුවන් හමුදා පිරිමි කණ්ඩායම අනුශූරතාව දිනා ගැනීමට සමත්විය. විවෘත පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ගෲප් කැප්ටන් ප්‍රභාත් විජේකෝන් විසින් දිනා ගත් අතර13 වන ආරක්ෂක සේවා ගොල්ෆ් තරඟාවලියේ පිරිමි අංශයේ වැඩිම ලකුණු ලබා ගනිමින් නායක ගුවන් භට සුමිත් ප්‍රියදර්ශන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගන්නා ලදී.

මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධ හමුදා ආරක්ෂක සේනා බටහිර ආඥාපති සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සමාජයේ සභාපති මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජී. අමරපාල සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් අසේල ජයසේකර ඇතුලු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT