Home » සැඟවූ කිරී සම්බා පිටකොටුවෙන් මතුවෙයි

සැඟවූ කිරී සම්බා පිටකොටුවෙන් මතුවෙයි

by yasara
February 15, 2025 7:17 pm 0 comment

ප්‍රධාන පෙලේ හෝටල්වලට හා ඉහළ පැලැන්තියේ පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සඟවා තිබු කීරි සම්බා සහල් තොගයක් පිටකොටුව ප්‍රදේශයේ දී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත්විය.

පිටකෝටුව වේල්ලවීදිය සහ පස්වන හරස් වීදියේ වෙළඳුන් කිහිපදෙනෙකු මෙම සහල් තොග සඟවා තිබුණි.

කීරි සම්බා සහල් පැකට් 950ක් පමණ මෙහිදි සොයා ගෙන තිබෙයි

පාරිභෝගිකයන් අපහසුතාවට පත්කරමින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් මෙන්ම සහල් තොග සඟවා තබන වෙළදුන් සොයා පාරිභෝගික අධිකාරිය මේ දිනවල වැටලීම් සිදුකරයි.

ඒ අනුව බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT