Home » නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18ක් ජීවිතක්ෂයට

නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18ක් ජීවිතක්ෂයට

by chanaka
February 16, 2025 9:16 am 0 comment

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්වේ.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT