Wednesday, March 26, 2025
Home » පෙම්වතිය බලා නිවසට එද්දී සංදීප අවසන් ගමන් යයි

පෙම්වතිය බලා නිවසට එද්දී සංදීප අවසන් ගමන් යයි

by yasara
February 16, 2025 11:38 am 0 comment

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අද (16) අලුයම මෝටර් රථයක් අනතුරට පත්වීමෙන් එය පැදවූ තරුණයකු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළඳ නාවිකයෙකු ලෙස රැකියාව කරන අකිල සංදීප නැමති 26 හැවිරිදි  තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවාය.

සිදුවූ අනතුරින් මෝටර් රථයට මෙන්ම අධිබලැති විදුලි කණුවකට බරපතල අලාභ සිදුවිය

අනතුරත් සමගම බණ්ඩාරගම ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වු අතර පැයක පමණ කාලයක් තුළදී යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයෝ පියවර ගත්හ.

මියගිය තරුණයා බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස කරා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී ගම්මන්පිල වැව් තාවුල්ල මධ්‍යයේදී  මෝටර් රථය මාර්ගයෙන් ඉවත ඉවතට ගොස් අධිබලැති විදුලි කණුවක ගැටී  අඩි පහළොවක් පමණ බෑවුමෙන් පහළට රූටා ගොස් බණ්ඩාරගම ප්‍රදේශයේ සිට කැස්බෑව ප්‍රදේශයට ජලය රැගෙන යන   ජල නල පද්ධතියේ කොන්ක්‍රීට් බැම්මේ ගැටි මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක රියදුරන් විසින් අනතුර සිදුවන අයුරු දැකීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් දැනුවත් කර මෝටර් රථයේ දොරවල් කඩා  තුවාල ලබා සිටි තරුණයා පිටතට ගෙන බණ්ඩාරගම-  දිසාරෝහලට ඇතුළත් කල ද ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකුු පැවසීය

මියගිය වෙළෙඳ නාවිකයා මීට දින 56 පෙර නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර හෙට දින මාලඹේ පුද්ගලික සරසවියක ඔහුගේ රැකියාවට අදාළ  අවසන් විභාගයකට පෙනී සිටීමට නියමිතව ඇතැයි දැන ගන්නට  ඇත

මියගියා වෙළඳ නාවිකයාට නින්ද ගොස් මෙම අනතුර වන්නට ඇතැයි සැක කරන බව පොලිසිය කියයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT