Home » රේස් යන බස් අල්ලන්න මෙහෙයුම්

රේස් යන බස් අල්ලන්න මෙහෙයුම්

by chanaka
February 16, 2025 9:14 am 0 comment

මගීන්ට මරු කැඳවමින් රේස් යන මගී බස් රියැදුරන් අත්අඩංගුවට ගෙන, ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලීසිය රට පුරා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

දිවයිනේ සියලු පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක වන මේ මෙහෙයුමට සමගාමිව රථ වාහන මෙහෙයුම්ද ක්‍රියාත්මක අතර, එහිදී රේස් යන මගී බස් රථ ගැන සුවිශේෂ අවධානයක් යොමු කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නේය.

මඟීන් සිව් දෙනකුට මරු කැඳවමින් තවත් මඟීන් 24කට පමණ බරපතළ තුවාල සිදු කරමින් කුරුණෑගල දොරටියාව ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ පෞද්ගලික බස් රථ අනතුර මුළු මහත් ජන සමාජයම කැලඹීමකට පත් කළේය.

ජනවාරි මාසයේ පළමු වැනිදා සිට මේ දක්වා සිදු වූ පෞද්ගලික බස් අනතුරුවලින් මගීන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT