ගැටලුව?
මා වයස 29ක කාන්තාවක්. මට වයස අවුරුදු 2ක දියණියක් සිටියි. ස්වාභාවික ආකාරයට දරු ප්‍රසූතිය සිදු විය. දරුවා ලැබෙන්නට සිටිය කාලයේදී නිතර ක්ලාන්ත ස්වාභාවයක් තිබුණා. හිමොග්ලොබින් මට්ටම අඩු බව ඒ අවස්ථාවේදී මා හට දැන ගන්නට ලැබුණා. තවමත් ඇතැම් අවස්ථාවන්වදී ක්ලාන්ත ගතිය තියෙනවා. මෙසේ වන්නේ හිමොග්ලොබින් ගැටලුවක් නිසා ද?
මීරිගම – දමයන්ති
පිළිතුර
ඔබගේ දැනට පවතින හිමොග්ලොබින් මට්ටම කොපමණ දැයි සඳහන් කර නොමැත. ඔබගේ වයසේ හැටියට හිමොග්ලොබින් මට්ටම 12.5ක් හෝ 13ක්වත් තිබිය යුතු යි. හිමොග්ලොබින් මීට වඩා අඩු නම් එසේවීමට හේතුවක් තිබිය යුතු ය. එයට full blood count නමැති පරීක්ෂණයක් ඇත. එය කිරීමෙන් ඔබගේ හිමොග්ලොබින් අඩු වෙන්නේ යකඩ ඌණතාවකින් ද නැතිනම් B12 හෝ ෆෝලික් විටමින් පදාර්ථ ඌණතාවකින්දැයි කියා බැලිය යුතු ය. යකඩ ඌණතාවක් නම් NCB කියා හිමොග්ලොබින් වාර්තාවේ ඇති කොටස 75ට අඩු ය. B12 ෆෝලික් අම්ලය ඌණතාවක් නම් HCD මට්ටම 90ට වැඩි ය. ඒ සමඟ යකඩ ඌණතාවක් නම් ඔබට මාසික ඔසප් වීම සිදුවන විට වැඩියෙන් ලේ වහනය වනවා දැයි සොයා බැලිය යුතු ය. එසේනම් ඒ සම්බන්ධ විශේෂඥ ද්‍යෛවරයකු හමුවන්න. මලපහ සමඟ රුධිරය පිට වන්නේ ද නැතිනම් කළු පාටට මලපහපිටවන්නේ ද කියා විමසිලිමත් වන්න. මේ ලක්ෂණ ඇති නම් එය ශල්‍ය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගන්න.
ඇදුම නිට්ටාවට සුවකර ගත හැකි ද?
ගැටලුව?
මා කුඩා කල සිට ඇඳුම රෝගයෙන් පෙළුණු කාන්තාවක්. එහෙත් මාගේ වයස අවුරුදු 13ක් පමණ වූ විට එය සම්පූර්ණයෙන්ම සුව විය. දැන් මට වයස 35කි. විවාහ වී කෙටි කාලයක් ගිය පසු මා හට නැවතත් ඇදුම රෝගය මතු විය. පසුගිය සති තුනක කාලයේදී මා හට නිව්මෝනියා තත්ත්වයක් ඇති විය. එහිදී එක් පෙණහැල්ලක සිදුරු සහ තුවාල සහිත බවක් දැනගන්නට ලැබුණා. දැන් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමි. දැඩි හිසරදය සහ හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය සහ අධික නිදිමත තවම පවතියි. කුමක් කළ යුතු ද?
යාගොඩ – සකුන්තලා
පිළිතුර
ඇදුම රෝගය සැදී සුව වුණත් නිතර නිතර මතුවීමේ ප්‍රවණතාවක් ඇත. මුලින්ම ඔබ රුධිර පරීක්ෂාවක් සහ x -ray පරික්ෂණයක් කළ යුතු ය. එහි ශේත්‍රාණු කොටස 10ට වැඩි නම් TSR නමැති රුධිර පරීක්ෂාව 25ට වැඩි නම් ඔබට පෙණහැල්ලේ විෂබීජයක් ඇතුළු වීමෙන් ඇති වූ සංකූලතාවක් ඇත. ඔබට නියුමෝනියා තත්ත්වයක් මෑතකදී ඇති වුණ නිසා x -ray එකක් ගැනීම අනිවාර්යයි. ඒ තුළින් පෙණහැලිවල තුවාල ස්වභාවයන් හඳුනා ගනිමින් ප්‍රතිකාර ඇරඹිය හැකිය. ඇදුම රෝගය තියෙන අය බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන් ඇති කිරීම එතරම් සුදුසු නොවේ. ආතතිය නිසාත් නිතර ඇදුම රෝගය ඇති විය හැකියි. මානසික විවේකය වගේම ශාරිරික විවේකය ඔබට අවශ්‍යයි. ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් බොහෝවිට කරන්නේ ඉන්හේලර් පාවිච්චි කිරීමයි. ඇදුම රෝගය පාලනය කරන්න බැරි හේතුවක් වන්නේ ඉන්හේලර් හරියට පාවිච්චි නොකිරීමයි. ඒ සඳහා ඉන්හේලර් බෙහෙත් වර්ග කිහිපයක්ම තිබෙනවා. උදේ සවස ගන්නා ඉන්හේලර් වගේම අතිශයින් අපහසු අවස්ථාවකදී ලබා ගන්නට වෙනම ඉන්හේලර් වර්ග තිබෙනවා. ඒ අතරම ලබාගතයුතු තවත් බෙහෙත් වර්ග තිබෙනවා. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර අරඹන්න.
ඇඟේ කළු ලප
ගැටලුව?
මම වයස 27ක තරුණියක්. මගේ ශරීරයේ තැනින් තැන බිබිළි හටගෙන ඇත. මේවා දින කිහිපයක් යනවිට කළු පැහැයටත් හැරෙයි. පෙනුමෙන් පැපොල රෝගයට සමානය. මේ තත්ත්වයෙන් දැනට වසරක පමණ කාලයක සිට පීඩා විඳිමි. මා කිහිප සැරයක් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගතිමි. බෙහෙත් අවසන්වන විට යළිත් බිබිළි හට ගනියි. එම බෙහෙත්වලට විශාල මුදලක් යන නිසා මා හට එලෙස දිගටම ප්‍රතිකාර කිරීම ද අපහසුය. සුවකර ගත හැකි ක්‍රමයක් තිබේ ද?
තංගල්ල – මල්කි
පිළිතුර
හටගෙන ඇති බිබිළිවල ස්වභාවය ගැන හරි අවබෝධයක් ලබාගත නොහැකි නිසා මේ සම්බන්ධව නිසි උපදෙසක් ලබා දීමට අපහසුය. ඔබගේ ශරීරයේ උෂ්ණය පිටවීමක් හෝ නැතිනම් මෙය වෙනත් චර්ම රෝගයක් වීමට ද පුළුවන්. එබැවින් වෛද්‍යවරයකු වෙත පෙන්වා පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.
උපදෙස් – කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ
විදුමිණි දිසාකරුණා