Wednesday, March 26, 2025
Home » පිළිකාවෙන් ගැලවෙන මඟ

පිළිකාවෙන් ගැලවෙන මඟ

by sachintha
February 17, 2025 1:14 am 0 comment

හෙළ වෙදකමේ පිළිකා හඳුනා ගන්නා රහස් ක්‍රම තිබෙනවා. ඒ සමහරක් හෙළ වෙදකමට පමණක් සීමාවුණු ඒවා. එසේම, පිළිකා අතරින් ලේ පිළිකා, හකු පිළිකා, ගෙඩි වණ පිළිකා, උගුරේ ඇතිවන පිළිකා ආදිය හඳුන්වා දෙන්න පුළුවන්. එයින් උගුරේ හට ගන්නා පිළිකාවලට දුම්පානය ප්‍රධාන හේතුවක්. සැබැවින්ම, පිළිකාවක් හටගැනීමට යහපත් කල්ක්‍රියාවක් නොමැතිකම මූලික සාධකයක්.

ආහාරපානාදිය මේ සඳහා විශේෂයෙන් බලපානවා. අධික ලෙස මේදය සහිත ආහාර ගැනීම ද එතරම් නුවණැති ක්‍රියාවක් නොවේ. අධික වශයෙන් මස්, මාංශ අනුභවය ද සුදුසු නොවේ. ඒවා පසුකාලීනව පිළිකා හටගැනීමට සහ වර්ධනයට බලපෑමක් කරනවා. හෙළ වෙදකමේදී පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රථමයෙන්ම පිළිකාව ශරීරයේ තිබෙන ස්ථානය නිවැරදිවම හඳුනාගත යුතුයි. උදාහරණයක් ලෙස උදරයේ පිළිකාවක් සහිත රෝගියකුට ඒ සඳහා කැඳ, කෂාය වර්ග දිය හැකියි.

ශරීරයේ වෙනත් ස්ථානයක පිළිකාව තිබේ නම් එය ඉරිතළා යෑමට ශරීරය මතුපිටින් ආලේප කරනු ලබන නොයෙක් පත්තු වර්ග ද තිබෙනවා. ඒ පත්තු වර්ග දැමීමේදී අදාළ පිළිකාව ඉරිතළා යන ලෙස එකී ප්‍රතිකර්මය කළහැකියි. රසායනික, කෘත්‍රිම ආහාර වර්ගවලින් ප්‍රවේශම්වීමත් අත්‍යවශ්‍යයි. එහෙත් බොහෝ දේශීය පැළෑටිවලින් සාදන කෂාය, පත්තු ආදිය ශරීරයට කිසිසේත්ම අහිතකර නොවේ.

උපදෙස් – කුරුණෑගල

දොරවේරුවේ දේශීය වෛද්‍යාචාර්ය

විජය බණ්ඩාර

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT