ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අඛණ්ඩ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලාංකික සිසුන්ට තුර්කියේ අධ්‍යාපනය හැදෑරීමට දැනට පිරිනමන ශිෂ්‍යත්ව 15ක කෝටාව ශිෂ්‍යත්ව 25 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව තුර්කි තානාපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අතර හමුවක් පසුගියදා (14) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී තානාපතිවරයා එසේ පැවසීය.
මේ වසරේ අප්‍රේල් මාසයේදී තුර්කියේ සංචාරයක් සඳහා එක්වන ලෙසද මෙහිදී තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනයක් ද කළේය.
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද තානාපතිවරයා සඳහන් කළේය.
රජය විසින් ක්‍රියාවට නංවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පිළිබඳ තුර්කි ජනරජයේ ප්‍රශංසාව පළ කළ තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ක්ලීන් ශ්‍රී ලංකා, ඩිජිටල්කරණ සහ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය අවම කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දෙන බවද පැවසීය.
එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික අංශවල ප්‍රවර්ධනයට වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් වෙනුවෙන් තුර්කියේ සහාය තවදුරටත් ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් වූ ගිවිසුම් කිහිපයකට ඉදිරියේදී එළඹීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේය.
තුර්කි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මර්වේ ගොඩ්සේ ඔට්ලු (Merve Gözde Otlu) මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
උපාලි කරුණාරත්න