Wednesday, March 26, 2025
Home » පුංචි ඡන්දය කල් දාන්න හදනවා
විපක්ෂය බය වෙලා:

පුංචි ඡන්දය කල් දාන්න හදනවා

-නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

by sachintha
February 17, 2025 2:41 am 0 comment

විපක්ෂය බයට පළාත් පාලන මැතිවරණය කල් දාන්න උත්සාහ කළත් ජාතික ජන බලවේගය හැමදාමත් මැතිවරණ වෙනුවෙන් සූදානම් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

කෝට්ටේ ප්‍රදේශයේ පෙරේදා (15) පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.

‘පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විදිහට වසර දෙකක් පුරා සූදානමින් සිටිනවා. මේ වෙනකොට විපක්ෂයක් කියලා එකක් නැහැ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සූදානම ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. සංවිධාන කටයුතුත් ශක්තිමත්ව සිදු කරනවා.

වත්මන් රජය පසුගිය මාස හතර තුළ ජනතාව වෙනුවෙන් සිදු කළ වැඩ‍, විශේෂයෙන්ම නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව සම්බන්ධීකරණ කමිටු හරහා අපි කරපු වැඩ පිළිබඳ ජනතාව හොඳින් දන්නවා. ජනාධිපතිවරණයේදීත් විපක්‍ෂය එක එක කතා කිව්වා. මහමැතිවරණයේදීත් කිව්වා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ආර්ථිකය අස්ථාවර වෙයි, අයි.එම්.එෆ්. එක යයි, කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි, නැවත ආර්ථික අර්බුදයක් එයි කියලා කිව්වා. විපක්ෂය බලාපොරොත්තු වූ සටන් පාඨ හැම දෙයක්ම දැන් නැති වෙලා තියෙනවා.

මම හිතනවා ඒ වගේ බයකින් හිටපු ජනතාව එදා අපිට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ ජනතාවත් මේ පාර ජාතික ජන බලවේගයට ඡන්දය භාවිත කරයි. වංචාව දූෂණයෙන් තොර රටක්, ජාතික සැලැස්මක් මත වැඩ කරන රටක් තමයි මිනිස්සු බලාපොරොත්තු වුණේ. මේ ආර්ථිකය තියෙන තැන මිනිස්සු දන්නවා. අපහසුතාවයෙන් වුණත් මේ ආර්ථිකය ඉදිරියට තල්ලු කරගෙන යන ආකාරය ගැන මිනිස්සුන්ට හොඳ තේරුමක් තියෙනවා.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT