ලෙබනනයේ නකෝරාහි පැවති 15 වැනි ශ්‍රී ලංකා හමුදා බළඇණියේ එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන බළකා (UNIFIL) පදක්කම් ප්‍රදානෝත්සවයට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා සහභාගි වී තිබේ.
එම උත්සවයේදී, ලෙබනනයේ සාමසාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා හමුදා බළඇණිය දැක්වූ සාර්ථක කාර්යභාරය පිළිබඳ තානාපතිවරයා සුබ පැතුම් එක්කර ඇති අතර, මෑත කාලීන ලෙබනනයේ යුදමය තත්ත්වය මධ්‍යයේ ඔවුන්ගේ ධෛර්යය සහ නිර්භීතකම අගය කර තිබේ.
ලොව පුරා සාමසාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා හමුදාව මඟින් ඉටුකරන ලද කැපීපෙනෙන කාර්යභාරය ද තානාපතිවරයා විසින් විස්තර කර ඇත.
මෙම අවස්ථාවට UNIFILහි නියෝජ්‍ය හමුදා අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් චොක් බහදූර් ඩකාල් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම මහත්වරු සහභාගීව සිටියහ.
වර්තමානයේ ලෙබනනයේ පිහිටි UNIFILහි 15 වැනි ශ්‍රී ලංකා බළඇණිය හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් 125 දෙනකුගෙන් සමන්විත වේ.
මහින්ද අලුත්ගෙදර