Wednesday, March 26, 2025
Home » මණ්ඩලයට වී දුන්නොත් පසු දිනම මුදල්

මණ්ඩලයට වී දුන්නොත් පසු දිනම මුදල්

by sachintha
February 17, 2025 1:51 am 0 comment

වී අලෙවි මණ්ඩලට වී තොග දුන් දිනට පසුදිනම ගොවීන්ට මුදල් දීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරන බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

ගොවීන්ගෙන් වී අස්වනු මිලදී ගැනීමට රජය වී අලෙවි මණ්ඩලයට නිදහස් කර ඇති මුදල රුපියල් බිලියන 05කි. අවශ්‍යතාව පරිදි තවත් ඒ සඳහා රජය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ඇතැයිද සභාපතිවරයා කියයි.

වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවන්හි ධාරිතාව මෙට්‍රික් ටොන් 210,000ක් බවත් මහ වාරි ප්‍රදේශවල සහ මහවැලි කලාපවල වී අස්වනු නෙළීම ආරම්භ වූ විට රජයේ වී ගබඩාවන් වෙත ලැබෙන වී තොග ඉහළ යනු ඇතැයි ද පින්නලන්ද මහතා අවධාරණය කරයි.

නියැදි පරික්ෂාව සඳහා දකුණේ ප්‍රදේශ ගණනාවකින් සහ අම්පාර, වයඹ ප්‍රදේශවල ගොවීන් තම වී සාම්පල වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බව ඒ මහතා පවසයි. එමෙන්ම, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා අවධාරණය කළේ මේ වනවිට කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් වී අලෙවි මණ්ඩලයේ සියලුම ප්‍රදේශීය කාර්යාලවලින් සහ ප්‍රධාන කාර්යාලයෙන් ද අදාළ ගැසට් නිවේදනය මගින් ද ලබා ගැනීමට හැකි බවත්, සම්පූර්ණ කළ අයදුම් පත් මාර්තු 15 දාට ප්‍රථම යොමු කර අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT