Wednesday, March 26, 2025
Home » ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි

by sachintha
February 17, 2025 2:57 am 0 comment

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16දා) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය රෝගී තත්ත්වයෙන් පසු වූවාය. පිටපත් රචිකාවක ලෙස රජරට සේවයට සම්බන්ධවූ ඇය “විවරණ” විකල්ප සඟරාව ආරම්භ කිරීමට මූලිකවූ අතර “ධරණී” “ශක්ති තීරු පුවත්පත”, “මාධ්‍ය නිරීක්‍ෂක”, “සාමකාලී” සහ “ඇය” යන කාන්තා සඟරා සහ “සංකලන” නම් සංස්කෘතික සඟරාවේ සංස්කාරකවරිය ලෙස කටයුතු කළාය. “යුක්තිය” පුවත්පතේ ආරම්භක සාමාජිකාවක වූ ඇය එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ, ජ්‍යෙෂ්ඨ විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කර ඇත. මෙයට අමතරව “යංග් ඒෂියා” ටෙලිවිෂන් ආයතනයේ මුද්‍රිත අංශයේ සංස්කාරිකාව ලෙස හා විභවි විකල්ප සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු බහුජන සංවිධාන රැසකට ස්වේච්ඡාවෙන් දායකත්වය දක්වා තිබේ.

Òතිත්ත කවියකට පෙරවදනක්Ó, Òකතා කරන ගිනිදලුÓ Òඋරග විංසතියක කුරුලු බිත්තරÓ, ÒදෝංකාරයÓ යන කාව්‍ය සංග්‍රහ සහ Òරාමන්Ó Òයක්කුÓ යන ප්‍රබන්ධ ඇගේ නිර්මාණ අතර වේ. Òඅදහස් භාගනයේ ගොදුරුÓ සහ Òසුනාමි වැන්දඹුවෝÓ යන පර්යේෂණ කෘති ඇගේ නිර්මාණ අතර වැදගත් දායකත්වයන්ය. සමාජ යහපත අරමුණු කරගත් මාධ්‍ය භාවිතාවක යෙදුණු ඇය මාධ්‍ය නිදහස සඳහා වූ සේපාල ගුණසේන සම්මානය, ඩී. එෆ්. කාරියකරවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාරය, සමාජ සංවර්ධනය උදෙසා වසරේ හොඳම වාර්තාකරණයට හිමි සම්මානය, සිළුමිණ ජාතික සමඟි සාහිත්‍ය සම්මානය – 2000, සාම සාහිත්‍ය සම්මානය, සාහිත්‍ය සහ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ සාමය වෙනුවෙන් කළ කාර්යභාරය අගය කළ Peace Star සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගෙන ඇත. අවසන් කටයුතු 18දා අනුරාධපුරයේ දී පැවැත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT