Home » සජබ-එජාප සාකච්ඡාවලින් තිස්ස ඉවත් වෙයි

සජබ-එජාප සාකච්ඡාවලින් තිස්ස ඉවත් වෙයි

by sachintha
February 17, 2025 1:00 am 0 comment

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින එකට වැඩ කිරීම සඳහා වූ සාකච්ඡා සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක් ගන්නා තුරු තමා එයින් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

තමා එසේ එම සාකච්ඡාවලින් ඉවත්වීමට හේතුව සමගි ජන බලවේගය තුළම ඇතැමුන් එම සාකච්ඡා විවේචනය කිරීම බව තිස්ස අත්තනායක මහතා ‘දිනමිණ’ට පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කළමනාකරණ කමිටුව විසින් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට වැඩකිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට තමා නම් කිරීම හේතුවෙන් එම සාකච්ඡාවලට තමා එක්වූ බවත්, නමුත් පක්ෂයේ අභ්‍යන්තරය තුළින්ම යම් යම් පාර්ශ්ව එයට විරුද්ධව ප්‍රකාශ කිරීම හේතුවෙන් එම සාකච්ඡා තව දුරටත් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වගකීමක් බව ද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. නමුත් එම හේතුව තමා පක්ෂයෙන් ඉවත්වීම හෝ නැවත එම සාකච්ඡාවලට එක්නොවීම නොව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එම සාකච්ඡා නැවත පවත්වාගෙන යන්නේද යන්න තීරණය කොට තමා ඒ සම්බන්ධයෙන් නම් කරන්නේ නම් යළිත් එම සාකච්ඡාවලට එක්වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT