114
කාත්තාන්කුඩි පොලීසිය රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා නීති විරෝධි සිගරැට් 25420ක් සමඟ වෙළෙඳුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලීසිය පවසයි.
ඊයේ (16) උදෑසන ගම්පොළ සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළදී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සිගරැට් 25,420ක් සමඟ වෙෙළඳුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව – ටී.එල්. ජව්ෆර්කාන්