Wednesday, March 26, 2025
Home » පාසල් ක්‍රිකට් සංවර්ධනය උතුරෙන් අරඹයි

පාසල් ක්‍රිකට් සංවර්ධනය උතුරෙන් අරඹයි

by sachintha
February 17, 2025 1:36 am 0 comment

ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුරු පළාතෙන් ආරම්භ කළ අතර, එහි පළමු වැඩසටහන පෙරේදා (15) කිලිනොච්චිය ක්‍රීඩා සංවර්ධන ශාලාවේ දී පැවැත්විය. එම වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශාලාවට ක්‍රීඩා උපකරණ ලබාදීම තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම වැඩසටහන යටතේ උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල් 47ක් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීම සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ පැවසුවේ, ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කර ගැනීම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවත්, සහජීවනය වර්ධනය කිරීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස ද ක්‍රීඩාව උපයෝගි කරගත හැකි බවත්ය. එබැවින් උතුරු පළාතෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කළ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රජය 2025 අය වැයෙන් රුපියල් මිලියන 1500ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.

මේ අවස්ථාවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, පළාත් පාලන අධ්‍යක්ෂවරයා, උතුරු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සහ පාසල් 47ක් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT