Wednesday, March 26, 2025
Home » සංගාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල නම් කරයි

සංගාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල නම් කරයි

by sachintha
February 17, 2025 2:00 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ සුපිරි ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය (International Masters League) තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයෝ 15 දෙනකු එක්ව සිටිති.

1996 එක්දින ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ආරම්භක පිතිකරු රොමේෂ් කළුවිතාරණ මේ සංචිතයට එක්ව සිටී.

මේ තරගාවලිය මේ මස 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන අතර, සත්කාරයන් සමඟ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය තරගාවලියට එක් වෙති.

තරගාවලිය ආරම්භ වන 22 වැනිදා ඉන්දියාවට එරෙහිව පළමු තරගයට එක්වන ශ්‍රී ලංකා පිල 26 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව, 28 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව, මාර්තු 6 වැනිදා කොදෙව්වන්ට එරෙහිව සහ මාර්තු 10 වැනිදා එංගලන්තයට එරෙහිව මූලික වටයේ තරගවලට එක් වෙයි.

ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය – කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අශාන් ප්‍රියංජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ලහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT