අමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග වාරය සඳහා ක්‍රීඩක කෙටුම්පත් කිරීම මේ මස 19 වැනිදා සිදු කෙරේ.
ඉන් පෙර තරගාවලියට එක්වන කණ්ඩායම් සිය සංචිතවල රඳවා ගත් සහ සංචිතයෙන් නිදහස් කළ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව කණ්ඩායම් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සංචිතවලින් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර සංචිතයෙන් නිදහස් කිරීමට ටෙක්සාස් සුපර් කිංග්ස් පිල කටයුතු කර ඇති අතර, දේශීය ක්‍රීඩකයකු ලෙස සැලකෙන හිටපු ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය නිදහස් කිරීමට සියැටල් ඕර්කාස් පිල කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන ළහිරු මිලන්ත සහ අමිල අපෝන්සු දේශීය ක්‍රීඩකයන් ලෙස මෙවර තරගාවලියටත් රඳවා ගැනීමට පසුගිය ශූරයන් වූ වොෂිංටන් ෆ්‍රීඩම් කණ්ඩායම කටයුතු කර තිබේ.
නිරෝෂාන් ප්‍රියංකර