මන්නාරමේ සේවය කරන යුද හමුදා කෝප්‍රල්වරියක විසින් රුපියල් එක්ලක්ෂ විසිදෙදාස් විස්සක් හා වටිනා ලියවිලි රැසක් අඩංගු පසුම්බියක් අහුලාගෙන එහි හිමිකාරිය වෙත ඉකුත් 15දා භාර දෙනු ලැබීය. 54 වැනි පාබල සේනාංක මූලස්ථානයේ සේවය කරන, 2 ( ස්වේ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කෝප්‍රල් කේ.පී.එම්.එන්. ගුණසේකර නමැති යුද හමුදා කෝප්‍රල්වරිය මෙම මානුෂීය ක්‍රියාව සිදු කොට ඇත.
මන්නාරමේ, පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වෙත කෝප්‍රල්වරිය මෙලෙස පසුම්බිය ලබා දී තිබිණි. ඇයගේ මෙම සත්ක්‍රියාව වෙනුවෙන් 54 පාබල සේනාංක සේනාංකාධිපති, යුද හමුදා කෝප්‍රල්වරිය සිය කාර්යාලයට කැඳවා යුද හමුදාවේ ප්‍රණාමය පුද කොට ඇති අතර එම ක්‍රියාව වෙනුවෙන් මන්නාරම පොලිස් ස්ථානාධිපතිවරයා ඇයට ඇගයීම් සහතිකයක්ද පිරිනමා ඇත.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ