Home » කැලිප්සෝ දිනක ආදායම ලක්ෂ 10 ඉක්මවයි

කැලිප්සෝ දිනක ආදායම ලක්ෂ 10 ඉක්මවයි

by chanaka
February 19, 2025 9:48 am 0 comment

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා තිබේ.

දිනපතා බණ්ඩාරවෙල බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය පෙරේදා(17) දිනයේ සංචාරකයින්ගෙන් පිරී ගිය බවත් පෙරේදා දිනය පමණක් මේ ආදායම ලබා ගත් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දිනමිණට පැවැසීය.

දෛනිකව රුපියල් ලක්ෂ පහක පමණ ආදායම් ලබන කැලිප්සෝ දුම්රිය වැඩිම ආදායමක් ඊයේ දින වාර්තා කළ බවත් කී දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා එහි දිනක වියදම රුපියල් ලක්ෂ හතරක් පමණ යැයිද කීවේය.

සංචාරක ආකර්ෂණය මේ දුම්රිය ට මෙන්ම දුන්හිඳ ඔඩිසි දුම්රිය වෙතත් ඇති බව කී ඒ මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ ටිකට්පත් තත්පර කිහිපයක් තුළ විකිණී අවසන් වන බවද කියා සිටියේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්නට සංචාරකයින් මහත් උනන්දුවක් දක්වනවා. දෙමෝදර අසල විනාඩි 10 ක්ද ඇල්ල ආරුක්කු 9 පාලම මත විනාඩි 10 ක්ද නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

රජයට ආදායම් ලබා දීම මෙන්ම විශිෂ්ට සේවාවක් සැපයීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සෑම පියවරක්ම ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

 

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT