Home » ඊශ්‍රායල් රැකියා අවස්ථා තෝරාගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක්

ඊශ්‍රායල් රැකියා අවස්ථා තෝරාගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක්

by chanaka
February 19, 2025 3:26 pm 0 comment

ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබා ගැනිමට නවින තාක්ෂණය සමග විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරිම කාලීන අවශ්‍යතාවයක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊශ්‍රායල් රැකියා සදහා සිදුකරන ලියාපදිංචි කිරිම, බඳවාගැනිම් සහ යෝග්‍යතා පරික්ෂණ වලදි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට නවින තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි පසුගියදා (10) පැවති සාකච්ඡාවක දිය.

විදේශ රැකියාලාභින්ට සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා, යල් පැන ගිය ක්‍රියාවලිය වෙනුවට නවින ඩිජිටල් තේරීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන අතර එමගින් රැකියා අවස්ථා සදහා ප්‍රමාදයකින් තොරව යොමු කිරිමට හැකියාව ලැබෙනු ඇතිබව මෙහිදි විශ්වාසය පළකෙරිණි.

මෙම වෙනස් කිරිම් තුලින් සාධාරණත්වය සහ ඩිජිටල් පරිවර්තනය සඳහා සියලු පාර්ශ්ව වල කැපවීම සහ නව පද්ධතියකට මහජන විශ්වාසය අවශ්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කලේය.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT