Home » ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම දෙහිවලදී

ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම දෙහිවලදී

by sachintha
February 19, 2025 2:34 am 0 comment

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 2021 වසරින් පසු උපත ලැබූ සියලු දරුවන් සඳහා මෙතෙක් නිකුත් කර ඇති මුද්‍රිත උප්පැන්න සහතිකය වෙනුවට අභිනවයෙන් සකස් කළ ඩිජිටල් කරන ලද ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කර ප්‍රදානය කිරීමේ මුල්ම වැඩසටහන, දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරුණු බව දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි මහතා පැවසීය.

කළුබෝවිල රෝහලෙන් උපතක් වෙනුවෙන් ලබාදෙන තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කර ඩිජිටල්කරණයට ලක්කර, ඒ සඳහා QR සංකේතගත කර ළමයාට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයද ලබා දීම ‘ජාතික උප්පැන්න සහතිකය’ මඟින් සිදුකෙරෙන බවත්, මෙම පද්ධතිය වැඩිදුරටත් පුළුල් කිරීමේදී වැඩිහිටියන්ට ද එම සහතිකය ලබාදීමේ සැලසුම් නිර්මාණය කරනු ලබන බවත් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පී.ඩී.එල්.එස්. විජේසේකර මහත්මිය සඳහන් කළාය.

ඩිජිටල්කරණය කළ ජාතික උප්පැන්න සහතිකයේ පිටපතක් දෙහිවල සම්බන්ධීකරණ කමිටු සභාපතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් දරුවකුට ප්‍රදානය කරනු ලැබූ අයුරු මෙහි දැක්වේ. එම අවස්ථාවට රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.ආර්.ඒ.එන්.එස්. විජේසිරි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ආලෝක බණ්ඩාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ජනක ප්‍රසන්න ගිනිගේ, දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ.එම්. නන්දසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

දෙහිවල – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT