රට පුරා ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් වගා කිරීම අරමුණු කරගත් ‘එක මිටට ගොවි බිමට“ ජාතික වැඩසටහනට සමගාමීව බේරුවල මැතිවරණ කොට්ඨාසයේ ආරම්භක වැඩසටහන පාදාගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ කාලවිල කන්ද ප්‍රදේශයේදී ආරම්භ විණි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා බේරුවල සංවර්ධන කමිටුවේ සභාපති චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන යටතේ බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා වගා කිරීමට පියවර ගන්නා බව බේරුවල ප්‍රාදේශීය ලේකම් ජනක පෙරේරා මහතා පැවසීය.
වගා නොකරන කුඹුරු සහ ගොඩ ඉඩම්වල ඉඩම් හිමියන්, භුක්තිකරුවන් සහ වගාකරුවන් වෙත තමන්ට අයත් ඉඩම වගා කරන ලෙස දන්වමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සඳහා නිවේදන පත්‍රිකාවක් ලබාදීමද මෙහිදී සිදු විය.
අලුත්ගම සමූහ – තුසිත කුමාර ද සිල්වා