Monday, May 5, 2025
Home » නෙත්මි අහිංසා අමෙරිකාවට

නෙත්මි අහිංසා අමෙරිකාවට

by sachintha
February 19, 2025 2:31 am 0 comment

ලෝක මල්ලවපොර ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ නෙත්මි අහිංසා වැඩිදුර පුහුණුව උදෙසා අද අලුයම අමෙරිකාව බලා පිටත් වූවාය. නෙත්මි අහිංසා සමඟ පුහුණුකරු සුරංග පුෂ්පකුමාර මහතා ද මේ පුහුණු සැසියට එක්වන අතර, ලබන මාසයේ ජෝර්දාන‍යේ පැවැත්වෙන ආසියානු මල්ලවපොර ශූරතාවලිය මේ පුහුණු සැසියේ ඉලක්කයවී තිබේ. ලෝක මල්ලවපොර පුහුණු විශේෂඥයකු යටතේ ඇය මාසයක පමණ කාලයක් පුහුණුව ලබා ගැනීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩිකාවට හා පුහුණුකරුට අවශ්‍ය ගුවන් ටිකට් පත් හා වීසා පහසුකම්වලට අදාළ සම්පූර්ණ මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති අතර, ජාතික ඔලිම්පික් කමිටුව මේ දක්වා මේ වෙනු‍‍වෙන් කිසිදු මුදලක් ලබාදී නැත. ඔලිම්පික් කමිටුව සඳහන්කොට ඇත්තේ අමෙරිකාවට ගිය පසු ක්‍රීඩිකාවගේ ආහාරපාන වෙනුවෙන් යම් මුදලක් ලබාදීමට උත්සාහ කරන බවය.

ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්‍රාහිදී පැවති ලෝක මල්ලවපොර ශූරතාවලියේදී නෙත්මි අහිංසා විසින් රුසියානු ජාතික වැලේරියා මිකිටිෂ් 6-2ක් ලෙස පරාජය කොට කාන්තා වයස අවුරුදු 20න් පහළ කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය. මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ලද විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස සැලකේ. නෙත්මි මෙයට පෙර 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේදී කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ හා මේ වසරේ නිමාවට පත්වූ 20න් පහළ ආසියානු මල්ලවපොර තරගාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගත්තාය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT