101
පාකිස්තානයේ අගනුවර පසුගිය සතිය තුළ පමණක් මංකොල්ලකෑම් සහ වීදි අපරාධ 39ක් වාර්තා වී ඇතැයි එරට බිස්නස් රෙකෝඩර් පුවත් සේවය වාර්තා කළේය. එම කාලය ඇතුළත ඉස්ලාමාබාද් නුවරින් යතුරුපැදි 40ක් සහ මෝටර් රථ 12ක් පැහැර ගැනීමට ලක්වී ඇතැයි ද, ජංගම දුරකතන, මුදල් සහ තවත් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ සිදුවීම් රැසක් ඒ අතර ඇතැයි ද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
එම සිදුවීම් අතරින් මංකොල්ලකෑම් 21ක් සහ වීදි අපරාධ 18ක් පිළිබඳ ඉස්ලාමාබාද් නුවර විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇති බවත්, නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.