නීති විරෝධී මත්පැන් මෙරටින් මුලිනුපුටා දැමීමට කැපවී රාජකාරි කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් උදය පෙරේරා මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නවක පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.
සුරාබදු කොමසාරිස්වරයා මේ ඉල්ලීම කළේ ඉකුත් 17 වැනිදා සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී සුරාබදු පරීක්ෂකවරුන් 22ක්, නියාමකවරුන් 11ක් සහ රියැදුරන් 12ක් සඳහා පත්වීම් ලිපි ප්රදානය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස්වරයා මෙලෙස ද කීවේය.
“මෙරට ආර්ථිකය සඳහා ආදායම් මාර්ග උත්පාදනය කරන තෙවන රාජ්‍ය ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජකාරි අවංකව කැපවීමෙන් කරන්න.
සුරාබදු දෙපාර්තමේන්තුවට යම් අපකීර්තිමත් තත්ත්වයක් ඇති වී ඇත්නම් එය වෙනස් කිරීමේ වගකීම සෑම සේවකයකු වෙතම පැවරෙනවා. දෙපාර්තමේන්තුවට කීර්තිනාමයක් එක් කිරීමට කැපවී සේවාව ලබා දෙන්න. අභිප්‍රේරණයෙන් රාජකාරි ඉටු කරන්න. නීති විරෝධී මත්පැන් මර්දනය කර රාජ්‍ය ආදායම් වැඩි කිරීම අරමුණු කර ගන්න. මේ පත්වීම්ලාභීන් පුහුණු කිරීමට එක් වූ පුහුණු පාසල භාරව කටයුතු කළ සියලු නිලධාරීන්ට ස්තූතිය පුද කරනවා.”
මේ අවස්ථාවට අතිරේක සුරාබදු කොමසාරිස් රෝහණ සේනාරත්න, ප්‍රධාන මූල්‍ය නිලධාරි අජිතා චාන්දනී, පාලන කොමසාරිස් ලක්ශ්රීනී ගුණතිලක, අභ්‍යන්තර විගණක ජී. පී. සී. කුමාරි, ප්‍රධාන ගණකාධිකාරි හෙට්ටිආරච්චි, මාධ්‍ය ප්‍රකාශක කපිල විජේසිංහ සහ රොෂාන් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.
ඡායාරූප – ශාන් රඹුක්වැල්ල