Home » නීති විරෝධී මත්පැන් මෙර­ටින් තුරන් කිරී­මට කැප­වෙන්න

නීති විරෝධී මත්පැන් මෙර­ටින් තුරන් කිරී­මට කැප­වෙන්න

සුරා­බදු කොම­සා­රිස් නවක පත්වී­ම්ලා­භී­න්ගෙන් ඉල්ලා සිටියි

by Gayan Abeykoon
February 20, 2025 1:02 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක සහ නිමල් රාජ­පක්ෂ

නීති විරෝධී මත්පැන් මෙර­ටින් මුලි­නු­පුටා දැමී­මට කැපවී රාජ­කාරි කරන ලෙස සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් උදය පෙරේරා මහතා සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ නවක පත්වී­ම්ලා­භී­න්ගෙන් ඉල්ලා සිටි­යේය.

සුරා­බදු කොම­සා­රි­ස්ව­රයා මේ ඉල්ලීම කළේ ඉකුත් 17 වැනිදා සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ පැවති පත්වීම් ප්‍රදා­නය කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මිනි.

මෙහිදී සුරා­බදු පරී­ක්ෂ­ක­ව­රුන් 22ක්, නියා­ම­ක­ව­රුන් 11ක් සහ රියැ­දු­රන් 12ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදා­නය කෙරිණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සුරා­බදු කොම­සා­රි­ස්ව­රයා මෙලෙස ද කීවේය.

“මෙරට ආර්ථි­කය සඳහා ආදා­යම් මාර්ග උත්පා­ද­නය කරන තෙවන රාජ්‍ය ආය­ත­නය වන සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කාරි අවං­කව කැප­වී­මෙන් කරන්න.

සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තු­වට යම් අප­කී­ර්ති­මත් තත්ත්ව­යක් ඇති වී ඇත්නම් එය වෙනස් කිරීමේ වග­කීම සෑම සේව­ක­යකු වෙතම පැව­රෙ­නවා. දෙපා­ර්ත­මේ­න්තු­වට කීර්ති­නා­ම­යක් එක් කිරී­මට කැපවී සේවාව ලබා දෙන්න. අභි­ප්‍රේ­ර­ණ­යෙන් රාජ­කාරි ඉටු කරන්න. නීති විරෝධී මත්පැන් මර්ද­නය කර රාජ්‍ය ආදා­යම් වැඩි කිරීම අර­මුණු කර ගන්න. මේ පත්වී­ම්ලා­භීන් පුහුණු කිරී­මට එක් වූ පුහුණු පාසල භාරව කට­යුතු කළ සියලු නිල­ධා­රීන්ට ස්තූතිය පුද කර­නවා.”

මේ අව­ස්ථා­වට අති­රේක සුරා­බදු කොම­සා­රිස් රෝහණ සේනා­රත්න, ප්‍රධාන මූල්‍ය නිල­ධාරි අජිතා චාන්දනී, පාලන කොම­සා­රිස් ලක්ශ්‍රීනී ගුණ­ති­ලක, අභ්‍ය­න්තර විග­ණක ජී. පී. සී. කුමාරි, ප්‍රධාන ගණ­කා­ධි­කාරි හෙට්ටි­ආ­රච්චි, මාධ්‍ය ප්‍රකා­ශක කපිල විජේ­සිංහ සහ රොෂාන් පෙරේරා මහත්ම මහ­ත්මීන් ඇතුළු නිල­ධා­රීහු එක්ව සිටි­යහ.

ඡායා­රූප – ශාන් රඹු­ක්වැල්ල  

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT