මවුපියන්ට අවශ්‍ය විදිහට දරුවන් පුනරුත්ථාපනය කරන්නේ නැහැ. අධිකරණය විසින් ලබා දෙන නියෝගයට අනුවයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කරන්නේ යැයි මත්ද්‍රව්‍ය චෝදනාවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකුගේ මවුපියන් වෙත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (19) දැඩි ලෙස අවවාද කරමින් පවසා සිටියාය. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයකු අධිකරණය විසින් අවස්ථා පහළවකදී පුනරුත්ථාපනයට යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙසේ පවසා සිටියාය.
මෙම නඩුවේ සැකකරු පුනරුත්ථාපනයට යොමු කළ අවස්ථාවලදී ඔහුගේ මවුපියන් විසින් එම සෑම අවස්ථාවලදීම ඔහුව පුනරුත්ථාපන කඳවුරෙන් මුදා ගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය මෙලෙස එම මවුපියන්ට තරයේ අවවාද කළාය. මහේස්ත්‍රාත්වරිය තවදුරටත් පවසා සිටියේ ජනතාවගේ බදු මුදලින් මෙවැනි පුද්ගලයන් පුනරුත්ථාපනය කරන බවත් නිසි ලෙස පුනරුත්ථාපන නොවූවන් නැවත නැවත පුනරුත්ථාපනය කිරීමෙන් රජයේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති වන බවත්ය.