Home » මිද්දෙ­ණියේ ‘කජ්ජා’-දියණිය මැරුවේ දේශපාලන ආරවුලකටද ?

මිද්දෙ­ණියේ ‘කජ්ජා’-දියණිය මැරුවේ දේශපාලන ආරවුලකටද ?

by Gayan Abeykoon
February 20, 2025 1:28 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ තංගල්ල - පද්ම­සිරි ගාර්දි­ය­ව­සම් සූරි­ය­වැව - නුවන් ජය­සේ­කර

මිය යන්න කලින් දේශ­පා­ලන පක්ෂ කාර්යා­ල­ය­කත් හැංගිලා ඉඳලා

මර­ණය ගැන යූටි­යුබ් නාළි­කා­වකටත් කියලා

වෙඩි වැඳුණු පුතාටත් බරපතළයි

අර­ග­ලය පැවති සමයේ දී රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබී­ම්ව­ලින් ආරක්ෂා කර ගැනී­මට පෙර­මුණ ගෙන කට­යුතු කළ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ සමී­ප­ත­ම­යකු බව කියන අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා‘ නමැත්තා සහ ඔහුගේ 6 හැවි­රිදි දිය­ණිය මිද්දෙ­ණියේ දී පෙරේදා (18) රාත්‍රීයේ එල්ල වූ වෙඩි ප්‍රහා­ර­ය­කින් මිය­ගොස් ඇත.

මෙම වෙඩි ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ ඔහුගේ 9 හැවි­රිදි පුතා රෝහ­ල්ගත කර සිටින බව මිද්දෙ­ණිය පොලි­සිය සඳ­හන් කළේය.

රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ ආර­ක්ෂ­ක­යකු ලෙස මිද්දෙ­ණිය හා තංගල්ල හොල්ලා­ගෙන සිටි “කජ්ජා” මෑතක දී රාජ­ප­ක්ෂ­ව­රුන් සමඟ අම­නා­ප­යෙන් සිට ඇති බව ද සඳ­හන්ය. ඒ සම්බ­න්ධ­යෙන් ඔහු යූටි­යුබ් නාළි­කා­වක පැවති සම්මුඛ සාක­ච්ඡා­වේදී ද හෙළි­කර තිබුණි.

තමාව ඝාත­නය කිරී­මට සූදා­න­මක් ඇති බවත් අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින පුද්ග­ල­ය­කුට කොන්ත්‍රා­ත්තුව දී ඇති බවත් ඔහු එහිදී පවසා ඇත.

අර­ග­ල­යෙන් පසු දේශ­පා­ල­නික වශ­යෙන් වෙනත් කණ්ඩා­ය­ම­කට සම්බන්ධ වී ඇති ඔහු යම් දේශ­පා­ලන පක්ෂ­යක කොළඹ පිහිටි කාර්යා­ල­ය­කත්  සැඟවී සිට ඇති බවට තොර­තුරු ද පසු­ගිය කාලයේ කියැ­විණි.

මෙම පුද්ග­ලයා සතුව ගිනි අවි ඇති බවට පවා පොලී­සි­යට තොර­තුරු ලැබී තිබුණි. විවිධ අප­රාධ සම්බ­න්ධ­යෙන් පසු­ගිය කාලයේ මොහුව තංගල්ල හා මාතර දිසා නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි මහේෂ් සේනා­රත්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අත්අ­ඩං­ගු­වට ද ගෙන තිබුණි.

මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු ලෙස ඌව පළාත් භාර පොලිස් ප්‍රධා­නියා ලෙස සේවයේ නිර­තව සිටින්නේ මහේෂ් සේනා­රත්න මහ­තාය. ‘කජ්ජා‘ අත්අ­ඩං­ගු­වට ගැනීම හේතු­වෙන් මහේෂ් සේනා­රත්න මහතා සමඟ අදාළ දේශ­පා­ලන බල­අ­ධි­කා­රිය යම් අස­තු­ට­කට පත්ව සිට ඇති බව ද සඳ­හන්ය.

පොලිස්  අත්අ­ඩං­ගු­වට ගත් ‘කජ්ජා‘ව  නිද­හස් කිරී­මට එකී දේශ­පා­ලන අධි­කා­රිය අපො­හො­සත් වීම හේතු­වෙන් ‘කජ්ජා‘ එම දේශ­පා­ලන අධි­කා­රිය සමඟ හිත් අම­නා­ප­යක් ඇති කර­ගෙන සිට ඇති බවත් තතු දත් තොර­තුරු සඳ­හන් කළේය.  යූටි­යුබ් නාළි­කාව සමඟ ඔහු සාක­ච්ඡා­වක් පවා පව­ත්වන්නේ එම සිදු­වීම් ද මුල්ක­ර­ගෙ­නය.

‘කජ්ජා‘ තිදරු පියෙකි. බිරිය විදේ­ශ­ග­තව සිටින අතර මිද්දෙ­ණියේ ගල්පොත්ත යායේ සිය දරු­වන් සමඟ ඔහු පදිං­චිව සිට ඇත.

තම දරු තිදෙනා සමඟ රාත්‍රි ආහා­රය සඳහා කොත්තු­වක් මිල දී ගැනී­මට නි‍ෙවස අසල හෝට­ල­ය­කට පෙරේදා (18) රාත්‍රියේ ගොස් වැඩි­ම­හල් දරුවා කොත්තුව දමන තුරු හෝට­ලය අසල නවත්වා යෝගට් 5කුත් රැගෙන කුඩා දරු දෙදෙනා නි‍ෙව­සට ඇර­ල­වී­මට යතු­රු­පැ­දි­යෙන් ගමන් කර­මින් සිටිය දී ඔහුව ඉලක් කර­ගෙන වෙඩි තැබීම සිදුව ඇති බව පොලී­සිය කියයි.

යතු­රු­පැ­දි­ය­කින් පැමිණ ටී 56 අවි­ය­කින් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ. වෙඩි පහ­ර­වල් රැසක් 40 හැවි­රිදි කජ්ජාට වැදී ඇති අතර ඔහු එම ස්ථාන­යේම මිය­ගොස් ඇත.

වෙඩි ප්‍රහා­ර­යෙන් බර­ප­තළ තුවාල ලැබූ 6 හැවි­රිදි දිය­ණිය වීර­කැ­ටිය රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.  වැඩි­දුර ප්‍රති­කාර සඳහා තංගල්ල මූලික රෝහ­ලට මාරු­කර යැවී­මෙන් පසු දිය­ණිය  ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත. වෙඩි තැබී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ 9 හැවි­රිදි විදා­න­ග­මගේ කලිඳු අමේෂ් නමැති පිරිමි දරුවා ඇඹි­ලි­පි­ටිය මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.  ඔහු බර­ප­තළ තත්ත්ව­යෙන් එහි දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන බව රෝහල් ආරං­චි­මාර්ග පව­සයි.

ඝාත­නය වූ පුද්ග­ල­යාට එරෙ­හිව ටී 56 ගිනි අවි­යක් බල­පත්‍ර නොමැ­තිව ළඟ තබා ගැනීම ඇතුළු අන­ව­සර ගිනි අවි ළඟ තබා ගැනීමේ නඩු කිහි­ප­යක් සහ සූදු­පිටි කොල්ල­කෑමේ නඩු කිහි­ප­යක් අධි­ක­ර­ණ­වල විභා­ග­යට ගැනෙන බව පොලී­සිය සඳ­හන් කරයි.

මාතර සහ හම්බ­න්තොට දිසා භාර නියෝජ්‍ය පොලි­ස්පති නිශාන්ත සොයිසා, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි උපුල සෙනෙ­වි­රත්න මහ­ත්ව­රුන්ගේ උදෙස් පරිදි මිද්දෙ­ණිය පොලිස් ස්ථානා­ධි­පති රොහාන් සම­ර­සේ­කර මහතා ඇතුළු නිල­ධා­රීහු  පරී­ක්ෂණ පව­ත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT