ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුම පන්නිපිටිය මාකුඹුර අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේදී හෙට ( 21) පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.
‘ජාත්‍යන්තර මවු භාෂා දිනය හා භාෂා අයිතිවාසිකම්’ යන තේමාව යටතේ මෙය පැවැත්වේ.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට විද්වත් සාකච්ඡා, පුවත්පත් සාකච්ඡා සහ සංවාද පැවැත්වීමට ද නියමිතය. මෙයට සමගාමීව ජාතික රූපවාහිනී මුතුහර වැඩසටහන හා එක්ව අංශ කිහිපයක් ඔස්සේ තරග පැවැත්වීමට කටයුතු කරන අතර, චිත්‍ර, රචනා, කථික අංශ සඳහා මුතුහර ළමා සමාජ දරුවන්ට අවස්ථාව උදා කරදී තිබේ. ඒ සඳහා සිංහල, ඉංග්‍රීසි සහ දමිළ මාධ්‍ය ඔස්සේ තරග කළ හැකි අතර, වයස අවුරුදු 9ත් 14ත් සහ 15ත් 18ත් යන වයස් කාණ්ඩවල දුවා දරුවන්ට මේ සඳහා අවස්ථාව හිමිවේ.
තරග සඳහා සහභාගි වීමට අපේක්ෂිත දරුවන් නම, ළමා සමාජයේ නම සහ දුරකතන අංක 072-393 8452ට වට්ස්ඇප් පණිවිඩයකින් දැනුම් දීමට කටයුතු කළ යුතු බව ද දැනුම් දෙයි.