Home » ජාත්‍ය­න්තර මාතෘ භාෂා දින සැම­රුම හෙට ජාතික භාෂා අධ්‍යා­පන හා පුහුණු ආය­ත­න­යේදී

ජාත්‍ය­න්තර මාතෘ භාෂා දින සැම­රුම හෙට ජාතික භාෂා අධ්‍යා­පන හා පුහුණු ආය­ත­න­යේදී

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

මලිඳු තෙන්න­කෝන්

ජාත්‍ය­න්තර මාතෘ භාෂා දින සැම­රුම පන්නි­පි­ටිය මාකු­ඹුර අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශ­යට අනු­බද්ධ ජාතික භාෂා අධ්‍යා­පන හා පුහුණු ආය­ත­න­යේදී හෙට ( 21) පැවැ­ත්වී­මට කට­යුතු සංවි­ධාන කර තිබේ.

‘ජාත්‍ය­න්තර මවු භාෂා දිනය හා භාෂා අයි­ති­වා­සි­කම්’ යන තේමාව යටතේ මෙය පැවැත්වේ.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජාත්‍ය­න්තර මාතෘ භාෂා දිනය පිළි­බ­ඳව මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරී­මට විද්වත් සාකච්ඡා, පුව­ත්පත් සාකච්ඡා සහ සංවාද පැවැ­ත්වී­මට ද නිය­මි­තය. මෙයට සම­ගා­මීව ජාතික රූප­වා­හිනී මුතු­හර වැඩ­ස­ට­හන හා එක්ව අංශ කිහි­ප­යක් ඔස්සේ තරග පැවැ­ත්වී­මට කට­යුතු කරන අතර, චිත්‍ර, රචනා, කථික අංශ සඳහා මුතු­හර ළමා සමාජ දරු­වන්ට අව­ස්ථාව උදා කරදී තිබේ. ඒ සඳහා සිංහල, ඉංග්‍රීසි සහ දමිළ මාධ්‍ය ඔස්සේ තරග කළ හැකි අතර, වයස අවු­රුදු 9ත් 14ත් සහ 15ත් 18ත් යන වයස් කාණ්ඩ­වල දුවා දරු­වන්ට මේ සඳහා අව­ස්ථාව හිමිවේ.

තරග සඳහා සහ­භාගි වීමට අපේ­ක්ෂිත දරු­වන් නම, ළමා සමා­ජයේ නම සහ දුර­ක­තන අංක 072-393 8452ට වට්ස්ඇප් පණි­වි­ඩ­ය­කින් දැනුම් දීමට කට­යුතු කළ යුතු බව ද දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT