ජනතාවට එදිනෙදා සමීප විය හැකි ආකාරයට ප්රාදේශීයව සංස්කෘතික අවකාශ පුළුල් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කෙරේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අමාත්‍යාංශ නිලධාරින් සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් සමඟ ඊයේ (19) අමාත්‍යාංශයේදී මේ පිළිබඳව සාකච්ඡාවක නිරත වූහ.
‘උදාර සංස්කෘතික ජීවිතයක් – සහකම්පනීය ජනතාවක්’ නිර්මාණය කරගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති පිළිබඳව ද, අමාත්‍යාංශය විසින් මේ දක්වා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තවදුරටත් ජනවරම හා අනුගත කර පෝෂණය කිරීමේ සැලැස්ම පිළිබඳව ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ විශේෂ අවධානය මෙහිදී යොමු විය.
සාහිත්‍ය, සිනමාව, වේදිකා නාට්‍ය, නර්තන, දෘශ්‍ය, මූර්ති, ඡායාරූප, සංගීත, අස්පර්ශනීය සංස්කෘතික උරුම සහ සාම්ප්‍රදායික කලා ඇතුළු සියලු කේෂ්ත්‍ර සංවර්ධනය කිරීමත්, ජනතාවට එදිනෙදා සමීප විය හැකි ආකාරයට ප්රාදේශීයව සංස්කෘතික අවකාශ පුළුල් කිරීමටත් මෙහිදී සාකච්ඡා විය.
මේ සාකච්ඡාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, කලා මණ්ඩලයේ සාමාජික ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, මාධ්‍ය ලේකම් රුවන් ලියනාරච්චි සහ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ප්‍රසාද් රණසිංහ මහත්වරු එක් වූහ.