Home » ජාත්‍ය­න්තර සමු­ප­කාර සංවි­ධා­නයේ ආසියා පැසි­පික් කලා­පීය මහා සම්මේ­ල­නය කොළ­ඹදී

ජාත්‍ය­න්තර සමු­ප­කාර සංවි­ධා­නයේ ආසියා පැසි­පික් කලා­පීය මහා සම්මේ­ල­නය කොළ­ඹදී

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

දුලක්ෂි උඩ­ගෙ­දර

ජාත්‍ය­න්තර සමු­ප­කාර සංවි­ධා­නයේ ආසියා පැසි­පික් කලා­පීය (T.CA.-A.P) වාර්ෂික මහා සම්මේ­ල­නය මෙවර කොළඹ දී පැවැ­ත්වී­මට තීර­ණය කර තිබේ.

පිලි­පී­න­යේදී පසු­ගි­යදා පැවැති රැස්වී­මේදී මේ තීර­ණය ගත් බව ජාත්‍ය­න්තර සමු­ප­කාර සංවි­ධා­නයේ ආසියා පැසි­පික් කලා­පීය අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ජාතික සමු­ප­කාර මණ්ඩ­ලයේ සභා­පති සරත් වීර­සිරි මහතා පව­සයි.  මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“මෙවර සම්මේ­ල­නය නොවැ­ම්බර් මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා උත්ක­ර්ෂ­වත් අයු­රින් කොළ­ඹදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබෙ­නවා. මීට සම­ගා­මීව ජාත්‍ය­න්තර සමු­ප­කාර සහ වෙළෙඳ ප්‍රද­ර්ශ­න­යක් පැවැ­ත්වී­ම­ටත් බලා­පො­රොත්තු වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවි­ධාන විසින් 2025 වසර ‘සමු­ප­කාර වසර’ ලෙස ප්‍රකා­ශ­යට පත් කර තිබෙ­නවා. ජාත්‍ය­න්තර සමු­ප­කාර සංවි­ධා­නයේ වැඩිම සාමා­ජි­ක­ත්ව­යක් හිමි වන්නේ ආසියා පැසි­පික් කලා­ප­ය­ටයි. මේ කලා­ප­යට රට­වල් 29ක් ඇතු­ළත් වෙනවා. එහි සාමා­ජික සංවි­ධාන 107ක් තිබෙ­නවා.

චීනය, ඉන්දි­යාව, කොරි­යාව සහ ජපා­නය වැනි රට­වල් අත­රින් අපේ රටේ මෙවර සමු­ළුව පැවැ­ත්වී­මට අව­ස්ථාව හිමි වීම ඉතා වැද­ගත් වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT