Home » රුසි­යානු තානා­පති මහ­ජන ආර­ක්ෂක ඇමැති හමු­වෙයි

රුසි­යානු තානා­පති මහ­ජන ආර­ක්ෂක ඇමැති හමු­වෙයි

by Gayan Abeykoon
February 20, 2025 1:02 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

ශ්‍රී ලංකාවේ රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ තානා­පති ලෙවාන් එස්. ජගා­රි­යන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (19) මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා හමු විය.

දෙරට අතර පව­තින ආර්ථික හා දේශ­පා­ල­නික මිත්‍ර­ත්වය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කිරීම පිළි­බඳ සාක­ච්ඡාවේ අව­ධා­නය යොමු වූ අතර ශ්‍රී ලංකාවේ සංචා­රක ක්ෂේත්‍රය වෙත රුසි­යානු සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම ධනා­ත්මක අයු­රින් බල­පාන ආකා­රය පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් යොමු විය.

මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් රවී සෙන­වි­රත්න මහතා ද මෙම අව­ස්ථාව සඳහා සහ­භාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT