නැඟෙනහිර පළාතේ ව්‍යවසායකයන් සවිබලගැන්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
නැඟෙනහිර පළාතේ ව්‍යවසායකයන්ගේ අපනයන හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ‘නව අපනයනකරුවන් සංවර්ධන කිරීමේ වැඩසටහන‘ පිළිබඳ දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් පෙරේදා (18) වැනි දින ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ දී (Techno Park of Eastern University, Sri Lank) පවත්වනු ලැබීය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය ව්‍යාපාරිකයන් අපනයන කර්මාන්තවල ආයෝජනය කිරීමට උනන්දු කිරීම සහ ඔවුන් මුහුණ දෙන අභියෝග හඳුනාගෙන විසඳීමයි. මීට අමතරව සුළු පරිමාණ අපනයන ව්‍යාපාරිකයන් හඳුනා ගැනීම සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සහාය ඔස්සේ ඔවුන් සංවර්ධනය කිරීම ද මෙහි එක් අරමුණක් විය.
නැඟෙනහිර පළාතෙන් අපනයන විභවයක් සහිත ව්‍යවසායකයන් සහ අංකුර ව්‍යවසායකයන් 250කට ආසන්න සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ධීවර නිෂ්පාදන, පලතුරු සහ එළවළු, සැකසූ ආහාර, අපනයන සේවා සහ අත්යන්ත්‍ර සහ හස්ත කර්මාන්ත වැනි ජීවන රටා නිෂ්පාදන වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරන ලදි.
එදින වැඩසටහන ව්‍යවසායකයන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක්, අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාර සායනයක් පැවැත් වූ අතර සහභාගිවන්නන්ට වටිනා අවබෝධයක් සහ ජාලකරණ අවස්ථා ලබා දෙන ලදි.
ව්‍යවසායකයන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව පී එල් සී බැංකු සහයෝගය දැක්වූහ.
ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රේගුව, කාර්මික තාක්ෂණ ආයතනය, Union Inspection Sri Lanka (Pvt) Ltd, Lanka Shipping & Logistics (Pvt) Ltd, ජාතික පශ්චාත් අස්වනු කළමනාකරණ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) මෙන්ම ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) ද එක් වූහ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය (SEDD), ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS), ජාතික ශිල්ප සභාව (NCC), ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය (SLITA),(IDB) Earth Bound Creations (Pvt) Ltd, Printcare Digital Solutions (Pvt) Ltd, Kiyota Coffee Company (Pvt) Ltd සහ Shades IT Solutions යන ආයතන අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කළහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා, අධ්යක්ෂ ජනරාල් සී.ඩී.ධර්මසේන මහත්මිය සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් අනෝමා ප්‍රේමතිලක මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූහ.
ප්‍රාදේශීය පරිපාලනය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන් මහත්මිය, ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය එන්. රාජේශ්වරන් මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණය නැඟෙනහිර පළාතේ ව්‍යාපාරිකයන්ට අපනයන අවස්ථා හඳුනා ගැනීමට, අපනයන කර්මාන්ත පිළිබඳ අවබෝධය ලබා ගැනීමට සහ ප්‍රායෝගික සබඳතා ස්ථාපිත කරගැනීමට අවස්ථාව සපයන ලදි.