Home » නැඟෙ­න­හිර ව්‍යව­සා­ය­ක­යන් සවි­බ­ල­ගැ­න්වී­මට අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ල­යෙන් වැඩ­ස­ට­හන් රැසක්

නැඟෙ­න­හිර ව්‍යව­සා­ය­ක­යන් සවි­බ­ල­ගැ­න්වී­මට අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ල­යෙන් වැඩ­ස­ට­හන් රැසක්

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

නැඟෙ­න­හිර පළාතේ ව්‍යව­සා­ය­ක­යන් සවි­බ­ල­ගැ­න්වී­මට අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය විශේෂ වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියා­ත්මක කර තිබේ.

නැඟෙ­න­හිර පළාතේ ව්‍යව­සා­ය­ක­යන්ගේ අප­න­යන හැකි­යාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය විසින් ක්‍රියා­ත්මක කරන ‘නව අප­න­ය­න­ක­රු­වන් සංව­ර්ධන  කිරීමේ වැඩ­ස­ට­හන‘ පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ සම්ම­න්ත්‍ර­ණ­යක් පෙරේදා (18) වැනි දින ශ්‍රී ලංකා නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ දී (Techno Park of Eastern University, Sri Lank) පව­ත්වනු ලැබීය.

මෙම වැඩ­ස­ට­හනේ ප්‍රධාන අර­මුණ වන්නේ දේශීය ව්‍යාපා­රි­ක­යන් අප­න­යන කර්මා­න්ත­වල ආයෝ­ජ­නය කිරී­මට උනන්දු  කිරීම සහ ඔවුන් මුහුණ දෙන අභි­යෝග හඳු­නා­ගෙන විස­ඳී­මයි. මීට අම­ත­රව සුළු පරි­මාණ අප­න­යන ව්‍යාපා­රි­ක­යන් හඳුනා ගැනීම සහ රාජ්‍ය සහ පෞද්ග­ලික අංශ සහාය ඔස්සේ ඔවුන් සංව­ර්ධ­නය කිරීම ද මෙහි එක් අර­මු­ණක් විය.

නැඟෙ­න­හිර පළා­තෙන් අප­න­යන විභ­ව­යක් සහිත ව්‍යව­සා­ය­ක­යන් සහ අංකුර ව්‍යව­සා­ය­ක­යන් 250කට ආසන්න සංඛ්‍යා­වක්  මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ. ධීවර නිෂ්පා­දන, පල­තුරු සහ එළ­වළු, සැකසූ ආහාර, අප­න­යන සේවා සහ අත්යන්ත්‍ර සහ හස්ත කර්මාන්ත වැනි ජීවන රටා නිෂ්පා­දන වැනි අංශ කෙරෙහි අව­ධා­නය යොමු කරන ලදි.

එදින වැඩ­ස­ට­හන ව්‍යව­සා­ය­ක­යන් දැනු­ම්වත් කිරීමේ සම්ම­න්ත්‍ර­ණ­යක්, අප­න­යන කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂ­ණික දැනුම විදහා දක්වන ප්‍ර‍දර්ශ­න­යක් සහ ව්‍යාපාර සාය­න­යක් පැවැත් වූ අතර සහ­භා­ගි­ව­න්නන්ට වටිනා අව­බෝ­ධ­යක් සහ ජාල­ක­රණ අවස්ථා ලබා දෙන ලදි.

ව්‍යව­සා­ය­ක­යන්ට අත්‍ය­වශ්‍ය සේවා සැප­යීම සඳහා ප්‍රධාන පාර්ශ්ව­ක­රු­වන් ලෙස ලංකා බැංකුව, මහ­ජන බැංකුව, සම්පත් බැංකුව පී එල් සී බැංකු සහ­යෝ­ගය දැක්වූහ.

ශ්‍රී ලංකා ටෙලි­කොම්, ශ්‍රී ලංකා රේගුව, කාර්මික තාක්ෂණ ආය­ත­නය, Union Inspection Sri Lanka (Pvt) Ltd, Lanka Shipping & Logistics (Pvt) Ltd, ජාතික පශ්චාත් අස්වනු කළ­ම­නා­ක­රණ පර්යේ­ෂණ හා සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නය, ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය (SLSI) මෙන්ම ජාතික ඉංජි­නේරු පර්යේ­ෂණ හා සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නය (NERD) ද එක් වූහ.

ධීවර හා ජලජ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුව, කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලය ජාතික ව්‍යව­සාය සංව­ර්ධන අධි­කා­රිය (NEDA), කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය සංව­ර්ධන අංශය (SEDD), ජාතික ඵල­දා­යිතා ලේකම් කාර්යා­ලය (NPS), ජාතික ශිල්ප සභාව (NCC), ශ්‍රී ලංකා රෙදි­පිළි හා ඇඟ­ලුම් ආය­ත­නය (SLITA),(IDB) Earth Bound Creations (Pvt) Ltd, Printcare Digital Solutions (Pvt) Ltd, Kiyota Coffee Company (Pvt) Ltd සහ Shades IT Solutions යන ආය­තන අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කළහ.

ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති, ප්‍රධාන විධා­යක නිල­ධාරි මංගල විජේ­සිංහ මහතා, අධ්‍යක්ෂ ජන­රාල් සී.ඩී.ධර්ම­සේන මහ­ත්මිය සහ අති­රේක අධ්‍යක්ෂ ජන­රාල් අනෝමා ප්‍රේම­ති­ලක මහ­ත්මිය ද මෙම අව­ස්ථා­වට එක්වූහ.

ප්‍රාදේ­ශීය පරි­පා­ල­නය නියෝ­ජ­නය කර­මින් මඩ­ක­ල­පුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුර­ලි­ද­රන් මහ­ත්මිය, ශ්‍රී ලංකා නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ වාණිජ හා කළ­ම­නා­ක­රණ පීඨයේ පීඨා­ධි­පති මහා­චාර්ය එන්. රාජේ­ශ්ව­රන් මහතා ඇතුළු රාජ්‍ය නියෝ­ජි­ත­යන් සහ පෞද්ග­ලික අංශයේ පාර්ශ්ව­ක­රු­වන් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

මෙම දැනු­ම්වත් කිරීමේ සම්ම­න්ත්‍ර­ණය නැඟෙ­න­හිර පළාතේ ව්‍යාපා­රි­ක­යන්ට අප­න­යන අවස්ථා හඳුනා ගැනී­මට, අප­න­යන කර්මාන්ත පිළි­බඳ අව­බෝ­ධය ලබා ගැනී­මට සහ ප්‍රායෝ­ගික සබ­ඳතා ස්ථාපිත කර­ගැ­නී­මට අව­ස්ථාව සප­යන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT