Home » සීනි­ගම දේවා­ලයේ භාර­කරු තන­තු­රට එරෙ­හිව උද්ඝෝ­ෂ­ණ­යක්

සීනි­ගම දේවා­ලයේ භාර­කරු තන­තු­රට එරෙ­හිව උද්ඝෝ­ෂ­ණ­යක්

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

කර­න්දෙ­ණිය සමූහ - අනු­රාධ ප්රිය­ද­ර්ශන

හික්ක­ඩුව සීනි­ගම ශ්‍රී මහා දෙවොල් දේවා­ලයේ භාර­කාර ධුරය සඳහා සුදු­සු­කම් නොලත් අයකු බෞද්ධ කට­යුතු කොම­සා­රි­ස්ව­රයා විසින් පත්ක­රනු ලැබ ඇතැයි කිය­මින් ඊයේ (19) එම ප්‍රදේ­ශ­වා­සීහු පිරි­සක් දේවා­ලය ඉදි­රි­පිට දී උද්ඝෝ­ෂ­ණ­යක නිරත වූහ. දේවාල භාර­කාර ධුරය සඳහා පත්කොට ඇති තැනැ­ත්තාට ඒ සඳහා කිසිම සුදු­සු­ක­මක් නැති බව ද ඔවුහු කියති.

සීනි­ගම දේවාල භාර­කාර පද­විය සඳහා සුදු­සු­කම් ලත් අයගේ සුදු­සු­කම් පරීක්ෂා කිරීම සඳහා සම්මුඛ පරී­ක්ෂ­ණ­යක් පැවැති බවත් එයට සුදු­සු­කම් ඇති අය රැසක් සහ­භාගි වුවත් ඔවු­න්ගෙන් එක් අයෙ­කුට වත් අවශ්‍ය සුදු­සු­කම් නොමැති බවත් ඔවුහු සඳ­හන් කරති. එමෙන්ම මෙම තන­තුර ලබා නොදීම පිටු­පස යම්කිසි දේශ­පා­ලන හස්ත­යක් ඇති බවට සැක කරන බව ද උද්ඝෝ­ෂ­කයෝ පැව­සූහ.

මෙම සම්මුඛ පරී­ක්ෂ­ණය සඳහා සීනි­ගම දේවා­ලයේ හිටපු භාර­ක­රු­වන් ලෙස කට­යුතු කළ සම්පත් විරාජ් හා සරත් දිසෙ­න්තු­වා­හන්දී යන මහ­ත්ව­රුන්ද සම්මුඛ පරී­ක්ෂ­ණය සඳහා සහ­භාගි වුවත් ඔවු­න්ගෙන් කිසිම කෙන­කුට දේවාල භාර­කරු තන­තුර ලබා ගැනීමේ අව­ස්ථාව නොලැ­බිණි.  නව භාර­කරු ලෙස පත්වීම ලැබූ ධනුක විජ­ය­රත්න මහ­තා­ගෙන් විම­සී­මක් කළ අතර ඔහු පැව­සුවේ තමන් භාර­කාර තන­තුර සඳහා ඉදි­රි­පත් වූ අතර තම­න්ටද මෙම තන­තුර සඳහා ඉහළ සුදු­සු­කම් තිබූ බවයි.   මේ සම්බ­න්ධ­යෙන් බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ආර්.එන්.බී. රත්නා­යක මහ­තාගේ දුර­ක­ත­නය සම්බන්ධ කර ගැනී­මට උත්සාහ දැරු­වත් එයට පිළි­තුරු නොලැ­බිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT