දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර ඇත. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය ශ්‍රී ලංකා – කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූවාය.
ශ්‍රී ලංකා – කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අතර එහිදී මෙම පත් කිරීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති මියන් ලී (Miyon Lee) මහත්මිය මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගි වූවාය. නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.