Home » මේ ඝාතන කොත­නින් නතර වෙයිද?

මේ ඝාතන කොත­නින් නතර වෙයිද?

මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

රට පුරා දිනෙන් දින සිදු­වන අප­රාධ හා ඝාතන හේතු­වෙන් ආර­ක්ෂාව පිළි­බඳ දැඩි ප්‍රශ්න­යක් මතුව ඇතැයි කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

අලු­ත්කඩේ උසාවි සංකී­ර්ණය තුළ ගණේ­මුල්ලේ සංජීව නම් තැනැත්තා, නීති­ඥ­යකු ලෙසින් පැමිණ ඝාත­නය කර ඇති බවත් මේ තත්ත්වය යටතේ විනි­සු­රු­වන් සහ නීති­ඥ­යන්ගේ ආර­ක්ෂාව පවා දැඩි අර්බු­ද­ය­කට පත්ව ඇති බවත් දයා­සිරි ජය­සේ­කර මහතා පැව­සීය.

එබැ­වින් ආර­ක්ෂාව පිළි­බඳ විශාල ප්‍රශ්න­යක් පව­තින බැවින් ආණ්ඩුව මේ සම්බ­න්ධ­යෙන් දැඩි අව­ධා­නය යොමු කළ යුතු බව ද හෙතෙම පැව­සීය.

දයා­සිරි ජය­සේ­කර මහතා මේ බව සඳ­හන් කළේ අලු­ත්කඩේ උසාවි සංකී­ර්ණය තුළදී ගණේ­මුල්ලේ සංජීව නම් තැනැත්තා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මිනි.

අලු­ත්කඩේ උසාවි සංකී­ර්ණය තුළ නීති­ඥ­යකු ලෙස ඇවිත් උසාවි අංක 05දී වෙඩි තැබී­මක් සිදු කර තිබෙ­නවා. විශාල අර්බු­ද­යක් මේ සිදුව තිබෙන්නේ. ඊයේ රාත්‍රි­යේදී මිද්දෙ­ණි­යෙදි පුද්ග­ල­යකු තම දරුවා සමඟ ඝාත­නය කර තිබෙ­නවා. රටේ ආර­ක්ෂාව පිළි­බඳ විශාල ප්‍රශ්න­යක් තිබෙ­නවා. කෝට් එක ඇඳ­ගෙන ආයු­ධ­යක් අරන් ඇවිත් ඝාත­න­යක් සිදු කර ගිහින් තිබෙ­නවා. මේක විශාල ප්‍රශ්න­යක්. මේක විහිළු කතා­වක් නෙවෙයි. ගණේ­මුල්ලේ සංජීව කියලා කෙනෙක්. පාතා­ල­යට සම්බන්ධ කෙනෙක්. ඒක වෙනම කතා­වක්. විනි­සුරු විසින් සාක්ෂි විම­ස­මින් සිටි­යදී වෙඩි තියලා මරලා දාලා. ආවේ නීති­ඥ­යකු විදි­හට. නීති­ඥ­ය­නුත් කිසිම ආර­ක්ෂා­වක් නැති තැනට පත් වෙලා. ජනා­ධි­ප­ති­තු­මාත් පොලි­ස්ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් හොඳින් කතා කළා. මේ ටික­ටම මරණ 78ක් සිදු වී තිබෙ­නවා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT