Monday, May 5, 2025
Home » පාරෙන් ඇහිලූ මුදල අයි­ති­ක­රු­ටම භාර දෙයි

පාරෙන් ඇහිලූ මුදල අයි­ති­ක­රු­ටම භාර දෙයි

by Gayan Abeykoon
February 20, 2025 1:03 am 0 comment

ඌරු­බොක්ක විශේෂ ඒ.පී. දයා­චන්ද්ර

දෙයි­ය­න්දර, නෙර­ල­ම්පි­ටිය ප්‍රදේ­ශයේ මාර්ගයේ වැටී තිබී අහු­ලා­ගත් රුපි­යල් 115,000ක මුදල අයි­ති­කරු සොයා භාර­දීමේ පුව­තක් දෙයි­ය­න්දර පොලී­සි­යෙන් පසු­ගි­යදා අස­න්නට ලැබුණි.

නෙර­ල­ම්පි­ටිය මාර්ග­යේදී මෙම මුදල අහු­ලා­ගෙන තිබුණේ නෙර­ල­ම්පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි දුෂ්මන්ත රණ­සිංහ මහ­තායි. ඔහු අහු­ලා­ගත් මුදල අයි­ති­කරු සොයා භාර දීමට තීර­ණය කර තිබුණි. ඒ අනුව ඔහු අහු­ලා­ගත් මුදල වාහ­න­වල ආසන කුෂන් කරන නෙර­ල­ම්පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි හෙට්ටිගේ සිරිල් මහ­තාගේ බවට තහ­වුරු කර ගැනී­මෙන් පසු දෙයි­ය­න්දර පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක එච්.ජී.බී. සුවා­රිස් මහතා ඉදි­රියේ බාර දීමට කට­යුතු කළේය.

මුදල බාර­ගත් හෙට්ටිගේ සිරිල් මහතා කියා සිටියේ, තමන්ට වාහ­න­යක ආසන කුෂන් කිරීම සඳහා මෙම මුදල අත්ති­කා­ර­මක් ලෙස ලැබුණු බවත්, එම මුදල නැති වූ බැවින් නැවත මුදල් ලැබේ යැයි කියා කිසිම අව­ස්ථා­වක නොසිතූ බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT