Home » පිටි­ගල තරු­ණ­යෙක් ඝාත­න­යට අත්අ­ඩං­ගු­වට ගත් දෙන්නා රිමාන්ඩ්

පිටි­ගල තරු­ණ­යෙක් ඝාත­න­යට අත්අ­ඩං­ගු­වට ගත් දෙන්නා රිමාන්ඩ්

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

ඇල්පි­ටිය සමූහ - චන්ද්ර­සිරි ගුණ­සේ­කර

පිටි­ගල පොලිස් වසමේ මැටි­වි­ලිය, ගල්හි­රිය ප්‍රදේ­ශ­යේදී ඉකුත්දා අබි­ර­හස් ලෙස පුද්ග­ල­යකු ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පිටි­ගල පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇල්පි­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන ලද සැක­ක­රු­වන් දෙදෙනා මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ඇල්පි­ටිය මහේ­ස්ත්‍රාත් මධු­ශිකා වාස­ල­මු­දලි මහ­ත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබූවේ, පිටි­ගල, මැටි­වි­ලිය, හත්තක පාර ලිපි­නයේ පදිංච් කොට­පි­ටිය ආර­ච්චි­ලාගේ සාගර වසන්ත කුමාර සහ පිටි­ගල, මැටි­වි­ලිය, සැන­සුම ලිපි­නයේ පදිංචි ඊරි­ය­මුල්ල විතා­නගේ සුසන්ත ගුණ­රත්න නමැති දෙදෙ­නාය. ඉකුත් 14 වැනිදා අලු­යම මැටි­වි­ලිය ගල්හිරේ ප්‍රදේ­ශ­යේදී මෙසේ මරා දමා තිබූණේ ළමා­හේ­වගේ චමින්ද කුමාර නමැති 33 හැවි­රිදි අවි­වා­හ­ක­යෙකි.

මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය පැවැත්වූ ඇල්පි­ටිය වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් මුනි­දාස හාල්ප­න්දෙ­ණිය මහතා මෙම මර­ණ­යට සම්බන්ධ සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස පොලී­සි­යට නියෝග කළේය.

ඒ වන විට මර­ණය සම්බ­න්ධ­යෙන් කිසිදු සාක්ෂි­යක් නොවූ­වද පරී­ක්ෂණ පැවත්වූ පොලී­සිය විසින් සැක­ක­රු­වන් දෙදෙ­නකු සහ මර­ණ­ක­රුට පහ­ර­දී­මට යොදා ගත් බව කියන ලීයක් සහ සැක­ක­රු­වන් එම අව­ස්ථාවේ හැඳ සිටි ලේ තැව­රුණු ඇඳුම් ද අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT